නව මාධ්‍ය උපත ලැබූ වගයි...


ලොව සිදුවූ තාක්ෂණික විපර්යාස අතර නව මාධ්‍යය බිහිවීම තරම් සුවිශේෂී වූ වැදගත් සිදුවීමක් සොයා ගැනීම දුෂ්කරය වර්තමානයේ මිනිසාට සිය මූලික අවශ්‍යතා තරමටම නව මාධ්‍යය ජීවිතයට සමීප වී තිබේ නව මාධ්‍යය ලොව බිහිවීම දීර්ඝ ඉතිහාසයක ප්‍රතිඵලයකි.


 සියවස් ගණනාවක් තිස්සේ මිනිසා දැරූ උත්සහයක ප්‍රතිඵලයකි ජනමාධ්‍ය ලෝකයට නව මාධ්‍ය එක් වීම  තෙක් ආ ගමනේ දී පසු කළ යුගයන් හා එහි දී බිහි වූ මාධ්‍ය පහත ආකාරයට පෙළ ගැස්විය හැකිය.

සප්ත විධ මාධ්‍යය [THE SEVEN MASS MEDIA]


  1.       මුද්‍රිත මාධ්‍යය             - 1450 දී පමණ බිහි වී ඇත [පොත් පුවත්පත් කුඩා පොත්]  
  2.       පටිගත කිරීමේ යන්ත්‍ර  - 19 වන සියවස අවසානයේ දී මෙය ජනමාධ්‍යයක් බවටපත්විය.රෙකෝඩර්                                                     මැග්නටික් ටේප් කැසට් සීඩී ඩීවීඩී ආදිය මීට අයත් වේ
  3.       සිනමාව                       - 1900 දී පමණ මෙය ජන මාධ්‍යයක් බවට පත්විය
  4.       ගුවන් විදුලිය               - 1910 න් පසුව මෙය ජනමාධ්‍යය ලොවට එක් වී ඇත
  5.      රූපවාහිනිය                  - 1950 දී ජනමාධ්‍යයක් බවට පත්විය
  6.      අන්තර්ජාලය                - 1990 දී ජනමාධ්‍යයක් බවට පත් වී තිබේ
  7.      දුරකතනය                    - 2000 න් පසුව මෙය ජනමාධ්‍යයක් බවට පත්විය

ඉහත ජනමාධ්‍ය අතුරින් නවමාධ්‍යය අතරට අයත් වන්නේ අන්තර්ජාලය හා ජංගම දුරකතනයි නව මාධ්‍යය තුළින් පැරණි සමිප්‍රධායික මාධ්‍ය නැවත උපදවා ඇත එය පුනර් මාධ්‍යකරණයයි.

                      මුල් යුගයේ දී මිනිසා ශබ්ද හා සංඥා උපයෝගී කරගෙන තොරතුරැ හා අදහස් හුවමාරු කරගත් අතර  ක්‍රමයෙන් ගල් වල මැටි පුවරු වල රෙදි වල ආදී ලෙස අවිධිමත් ආකාරයට සන්නිවේදනයේ නිරත විය. ඉන් පසුව ක්‍රමයෙන් ලිඛිත සන්නිවේදනය බිහිවිය අනතුරුව පටිගතකිරීමේ යන්ත්‍ර බිහි වු අතර කැමරාව හා කාචය නිපදවීම මත සිනමාව ලොවට ප්‍රවිශ්ට විය අනතුරුව ගුග්ලි එල්මෝ මාර්කෝනි විසින් කේබල් මගින් සංඥා හා පණිවිඩ යැවීම ආරම්භ වීමත් සමග  ගුවන් විදුලිය නිපද වීම සිදු විය. පසුව  තොරතුරු වලට අමතරව රූප හුවමාරු කර ගැනීමට හැකි වූ  අතර එය පදනම් කරගෙන ජෝන් ලොගී බෙයාර්ඩ් රූපවාහිනිය නිපදවීය.
                                                         
පසුව චාර්ල් බැබේජ් විසින් පරිගණකය සොයා ගැනීමත් සමග එතෙක් මාධ්‍ය සතුව තනි තනිව පැවති ඒකාධිකාරය බිද වැටීමට ලක් වූ අතර සමාජ පරිසරය පෙර නොවූ විරූ වෙනස්කම් රැසකට ලක් විය. මෙහි ඇති සංඛ්‍යාංකික ක්‍රමය යටතේ මේ තුළ අන්තර්ගත වූ සියලු තොරතුරු එක් පොදු ස්වරූපයකට පරිවර්තනය වුනි.

 එමෙන්ම 1990  දී පමණ අන්තර්ජාලය සමාජයට ප්‍රවේශ වීමත් සමග සියලු දෙනා තුළ තමන් එක් ජාතික රාජ්‍යයකට අයිතිය යන හැගීම යටපත් වීමට පටන් ගැනිනි. ඊට හේතුව වන්නේ ජාල ගත සමාජය තුළ තනි ඒකාධිකාරයන් දැක ගත නොහැකි වීමයි. ඉන් පසුව 2000 වසර වන විට සියලු ජනමාධ්‍ය ලක්ෂණ උරුම කරගෙන සමාජයට පිවිසෙන ජංගම දුරකතනය විසින් එතෙක් බිහිවී තිබූ සියලු මාධ්‍යය සතු ඒකාධිකාරය බිද දමයි.

මේ ආකාරයට මීට දශක තුනකට පමණ ඉහතදී සමාජගත වන නව මාධ්‍යය ඊටම අනන්‍ය වූ ලක්ෂණ රාශියක් උරුම කරගෙන තිබේ. මුල් මාධ්‍යය පහ තුළම අන්තර්ගත සියල්ල නව මාධ්‍ය තුළින් ලබා ගැනීමට හැකිවීම මෙහිදී කැපී පෙනෙන ලක්ෂණයකි.



උදා :

  •          අන්තර්ජාලය තුළින් පුවත්පත් බැලීම 
  •          රේඩියෝව ඇසීම 
  •          රූපවාහිනිය නැරඹීම


තවද සමාජය තුළ ආර්ථික සමාජ දේශපාලන ආදී ක්ෂේත්‍ර වල විශාල වශයෙන් වෙනස්කම් ඇති වීම නව මාධ්‍යය බිහිවුන යුගය තුළ දැකිය හැකි තවත් විශේෂ ලක්ෂණයක් ලෙස පෙන්වා දිය හැකිය. ඒ අනුව ඇතිවූ සමාජ වෙනස්කම් අතර

1.      ගෝලීයකරණය බිහිවීම,
2.      ගෝලීය ධනවාදය ඇතිවීම,
3.      සංඛ්‍යාංක සන්නිවේදන තාක්ෂණය ඇති වීම,

මේ සියලු වෙනස්කම් සමාජය තුළ සිදු වන්නේ නව මාධ්‍ය තුළින්ය නව මාධ්‍ය තුළින් සමාජය තුළ ඇතිවූ තවත් ප්‍රබල වෙනස්කමක් ලෙස සියලු ක්ෂේත්‍ර ඒකාබද්ධ වීම නැතහොත් අභිසාරිතාව සංකල්පය ගොඩනැගීම දැකිය හැකිවේ. නව මාධ්‍ය ඇති වීමත් සමග සමාජය තුළ සිදු වූ මෙම විපර්යාසයන් අධ්‍යයනය කළ විද්වතුන් අතර

1)      Marshall Mcluhan
2)      Friedrich Kittler
3)      Bernard Stiegler
4)      Manuel Castells

යන අය ඉතා වැදගත් වේ

 මොවුන් නව මාධ්‍යයේ බිහිවීම විකාශනය අන්තර්ගතය එහි බලපෑම ආදී ක්ෂේත්‍ර බොහොමයක් අධ්‍යයනය කර ඇත. නව මාධ්‍යය මෙතරම් සමාජය තුළ මුල් බැස ගැනීමට හේතු වූ එයටම අනන්‍ය වූ  ලක්ෂණ කිහිපයකි. එනම්,


  •   සංඛ්‍යාතීකරණය            - Digitalization
  •   ජාලගත බව                   - Networkers
  •   අන්තර් ක්‍රියාකාරීත්වය    -Interactivity
  •   උපරිලේඛනීයත්වය        -Hypertextuality
  •   ස්වයංක්‍රීයත්වය              -Automation
  •  දත්ත සංගෘහිත බව         -Databasedness

යනාදියයි මෙම ලක්ෂණ උරුම කර ගැනීමත් ලොව ජනගහනයෙන් වැඩි පිරිසක් භාවිත කිරීම යන සාධකයත් නිසා නව මාධ්‍ය බිහිවීම තරම් වැදගත් සිදු වීමක් මෙතෙක් සිදු වී නොමැති බව පෙන්වා දිය හැකිය. එමෙන්ම නව මාධ්‍ය සමාජයට ප්‍රවිශ්ට විම මානව සමාජය තුළ වෙනත් මාවතකට යොමු කළ ඓතිහාසික අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය.

  ඉහත ආකාරයට නව මාධ්‍ය බිහි වීම හා ඒ හා සම්බන්ධ වැදගත් වූ සිදු වීමි සරලව පෙන්වා දිය හැකිය.

උපුටා ගැනීම :
http://newmediasjp.blogspot.com

2 comments:

  1. Itha watina danum sambarayak dakiya haka

    ReplyDelete
  2. සන්නිවේදනය හා මාධ්‍ය අවබෝධය 1 - නයනා සුරවීර

    ReplyDelete