මාධ්‍යකෘත පරිසරය තුළ භූගෝලීය සීමා අතික‍්‍රමණය කරමින් භාෂාව ප‍්‍රබල වෙනස්කම්වලට ලක්වෙමින් පවතී. අන්තර්ජාල මූලික සන්නිවේදන ක‍්‍රියාවලිය සඳහා එයට ම අනන්‍ය වූ උප භාෂා නිර්මාණය වෙමින් තිබේ. එහිදී සාම්ප‍්‍රදායික සන්නිවේදන ක‍්‍රියාවලියේ පැවති සීමා මායිම් අබිබවමින් නව්‍ය භාෂාත්මක සන්නිවේදන අත්දැකීමක් අන්තර්ජාල පරිශීලකයන්ට සමීප කරවයි. ඒ අනුව,
- විද්‍යුත් ලිපි යැවීමේදී
- මිතුරු ජාල සේවාවන් තුළ දී
- සංවාද සේවාවන්හිදී
- වෙබ් පිටුවල කරන අදහස් දැක්වීම්වලදී
- පරිගණක ක‍්‍රීඩාවන්හිදී
- කෙටි පණිවිඩ යැවීම
යනාදී අවස්ථාවන්හිදී විවිධ භාෂාත්මක ප‍්‍රවර්ගයන් භාවිත වේ. මෙය පොදු එකගතාවක් සහිත වාච්‍යාර්ථයන්ට සංකේත සමුදායක් භාවිත කිරීමකි.
එහිදී,

CUL8R – See You Later
THX – Thanks
@ - It means at
143 – I Love You
303 – Mom
4 – For
121 – One to one
☺ - Smile
GAP – Got a pic
A3 – Anytime, Anywhere, Anyplace
යනාදිය සයිබර් සංස්කෘතිය තුළ භාවිත සන්නිවේදන කේතයන් වේ.
එහිදී සයිබර් මූලික සන්නිවේදන කි‍්‍රයාවලියේ දී සාමාන්‍ය සන්නිවේදන ක‍්‍රියාවලිය හා සාම්‍යතාවන් මෙන්ම සයිබර් සංස්කෘතියට ම ආවේණික අනන්‍යතාවන් ද පවතී. ඒ තුළ තාක්ෂණිකමය අවකාශය තුළ පුද්ගලයන්ට චාවික සන්නිවේදනයටත් වඩා ප‍්‍රබලව නිර්වාචික සන්නිවේදනය ඔස්සේ අදහස් ප‍්‍රකාශ කිරීමේ නව මානයන් බිහි වී තිබේ.
සයිබර් උප සංස්කෘතිය තුළ භාවිත භාෂාව ඔස්සේ පරිශීලකයන්ට ස්වකීය සිතැගියාවන් අන්‍යයන් සමග කඩිනමින් හුවමාරු කරගැනීමේ හැකියාව හිමි කර දී තිබේ. මෙම නිර්මාණාත්මක භාෂා භාවිතයන් ඔස්සේ පරිශීලකයන්ට සන්නිවේදනය තවදුරටත් අසීරු සහ වෙහෙසකාරී කටයුත්තක් නොවේ.
ආභාසී යථාර්ථය තුළ අන්තර්පුද්ගල සබඳතා ඇතිකර ගැනීමට, පවත්වාගෙන යාමට සහ ඇතැම් අවස්ථාවන්හිදී සබඳතා විතැන් කිරීම සිදු වේ. එය සයිබර් භාෂා මානයෙන් ඔබ්බට ගිය තාක්ෂණිකෘත ජන ජීවිතයක් ම ය.
No comments:
Post a Comment