අභියෝග හා සමාජ බලපෑම්

නව මාධ්‍ය ප්‍රවණතා හා එහි සමාජ බලපෑම


ශ්‍රී ලංකාවේ සමකාලීන සමාජ සන්ධර්භය තුළ සාම්ප්‍රදායික මාධ්‍ය භාවිතය ක්‍රමිකව යටපත් වෙමින් නව මාධ්‍ය (Online Journalism) භාවිතය ඉස්මතුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ. විශේෂයෙන්ම නූතන තරුණ පරපුර නව මාධ්‍ය ප්‍රවාහයේ ප්‍රධාන පාරිභෝගිකයා බවට පත්ව තිබේ.

විද්‍යුත් සන්නිවේදනය විවිධ ක්‍රම මගින් මානව ලෝකය ඉදිරියට ගෙන යමින් සිටියි. තාක්ෂණය හෙවත් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය මෙහි මුලද්‍රව්‍ය ලෙස හැඳින්විය හැක. ඒ අනුව අපි සියලු දෙනා විද්‍යුත් පවුලක සාමාජිකයෝ වී සිටිමු. නූතන නව මාධ්‍ය සම්ප්‍රදාය නව මාධ්‍ය භාවිතයේ  සුවිශේෂී ප්‍රවණතාවයක් වන්නේ එහි ඇති සමාජ මාධ්‍ය (Social Media) පැතිකඩයි.

තාක්ෂණය සන්නිවේදන අවකාශය අතික්‍රමණය කිරීමේ වැදගත්ම පරිවර්තනය වන්නේ මිනිසාගේ කාලයේ හා අවකාශයේ පරිමාව මිනිසාට සුදුසු පරිදි කළමනාකරණය කරගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර තිබීමයි. සාම්ප්‍රදායික මාධ්‍ය ග්‍රාහකයා ප්‍රචාරය වන වැඩසටහන ඒ මොහොතේම (on time) නැරඹිය යුතු හෝ ශ්‍රවණය කළ යුතු හෝ වුවත් නව මාධ්‍ය ප්‍රවණතාවය තුළ ග්‍රාහකයාට තමන්ට පහසු විටක සහ තමන්ට අවශ්‍ය වේලාවක තමන්ට අවශ්‍ය මාධ්‍ය පඨිතය (Media Text) පරිශීලනය කිරීමේ හැකියාව ලැබී තිබේ. එවන් පසුබිමක ශ්‍රී ලංකාවේ නව මාධ්‍ය ප්‍රවණතා සමාජයට කරන බලපෑම විමසා බැලීම ඉතා වැදගත් වන්නේය.තව දුරටත් කියවන්න >>>


සමාජ මාද්‍ය කියන්නේ රකුසෙක්ද ?


සමාජ මාධ්‍ය භාවිතය අද වන විට ලෝකයේ ජනප්‍රියතම සන්නිවේදන මාධ්‍යය බවට පත්ව ඇති බව රහසක් නොවේ. ඒ නිසාම ඒ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ආදියෙහි මෙන්ම ඒ ඔස්සේ උද්ගත වී ඇති ගැටළු ද රාශියකි. එබැවින් මෙම සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් තවමත් බොහෝ දෙනා තුළ ඇත්තේ සුබවාදී ආකල්පයක් නොවන බව පැහැදිලිය. එහෙත් එසේ සිතීම සාධාරණද? එසේත් නැතිනම් සමාජය තුළ පැතිරී ඇත්තේ හුඹස් බියක්ද? මේ එම සමාජ මාධ්‍ය භූමිකාව පිළිබඳ කාලීන තත්ත්වයන් ඇසුරෙන් තබන සටහනකි. තව දුරටත් කියවන්න >>>

නව මාධ්‍ය ප්‍රවණතා හා එහි සමාජ බලපෑම


ශ්‍රී ලංකාවේ සමකාලීන සමාජ සන්ධර්භය තුළ සාම්ප්‍රදායික මාධ්‍ය භාවිතය ක්‍රමිකව යටපත් වෙමින් නව මාධ්‍ය (Online Journalism) භාවිතය ඉස්මතුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබේ. විශේෂයෙන්ම නූතන තරුණ පරපුර නව මාධ්‍ය ප්‍රවාහයේ ප්‍රධාන පාරිභෝගිකයා බවට පත්ව තිබේ.

විද්‍යුත් සන්නිවේදනය විවිධ ක්‍රම මගින් මානව ලෝකය ඉදිරියට ගෙන යමින් සිටියි. තාක්ෂණය හෙවත් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය මෙහි මුලද්‍රව්‍ය ලෙස හැඳින්විය හැක. ඒ අනුව අපි සියලු දෙනා විද්‍යුත් පවුලක සාමාජිකයෝ වී සිටිමු. නූතන නව මාධ්‍ය සම්ප්‍රදාය නව මාධ්‍ය භාවිතයේ  සුවිශේෂී ප්‍රවණතාවයක් වන්නේ එහි ඇති සමාජ මාධ්‍ය (Social Media) පැතිකඩයි.

තාක්ෂණය සන්නිවේදන අවකාශය අතික්‍රමණය කිරීමේ වැදගත්ම පරිවර්තනය වන්නේ මිනිසාගේ කාලයේ හා අවකාශයේ පරිමාව මිනිසාට සුදුසු පරිදි කළමනාකරණය කරගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර තිබීමයි. සාම්ප්‍රදායික මාධ්‍ය ග්‍රාහකයා ප්‍රචාරය වන වැඩසටහන ඒ මොහොතේම (on time) නැරඹිය යුතු හෝ ශ්‍රවණය කළ යුතු හෝ වුවත් නව මාධ්‍ය ප්‍රවණතාවය තුළ ග්‍රාහකයාට තමන්ට පහසු විටක සහ තමන්ට අවශ්‍ය වේලාවක තමන්ට අවශ්‍ය මාධ්‍ය පඨිතය (Media Text) පරිශීලනය කිරීමේ හැකියාව ලැබී තිබේ.
තව දුරටත් කියවන්න >>>

No comments:

Post a Comment