වර්තමානයේ මුද්‍රිත මාධ්‍ය අභිබවා ඉදිරියට පැමිණෙමින් සිටින්නේ අන්තර්ජාලයයි. අන්තර්ජාලය තුළ කිසිවකුගේ බැදීමකින් තොරව නිදහසේ මාධ්‍යකරණයේ යෙදිය හැකිවීම සුවිශේෂිත්වයක් ගනී. පුවත්පත හිමිකාරීත්වය හෝ පක්ෂග්‍රාහී ලෙස මාධ්‍ය හසුරුවන බලවතුන්ට අනාගතයේ ඔවුන්ගේ අවි නිෂ්ක්‍රීය කර ගැනීමට සිදුවනු ඇත. අන්තර්ජාලය තුළ මාධ්‍ය ප්‍රබලත්වය කණ්ඩායමක් ලෙස නොව තනි පුද්ගලයකු ලෙසින් ද නිර්මාණකරුවෙකුට ඒකාධීකාරී බලයක් ඇතිකර ගත හැකිය.එය අනාගතයේ කවරාකාරයෙන් මානව සමාජයට බලපානු ඇති ද යන්න තවම නිෂ්චිතව සදහන් කළ නොහැක.
එසේ වුවත් මෑත අනාගතයේ දී මුද්‍රිත මාධ්‍ය අන්තර්ජාල වෙබ් මාධ්‍යයකට පරාජය වීම නම් නියතයි.පුවත්පත යල් පැනගිය මාධ්‍යයක් වීම තුළ එහි අන්තර්ගතය යම් ආකාරයේ වෙනස්කම් සහිතව සයිබර් අවකාශයෙන් එළි දකින්නේ අනාගත ලෝකයට ගැලපෙන අයුරින්ය. කඩදාසි වෙනුවට විද්‍යුත් පුවරු සටහන් , අනාගතයේදී කඩදාසි මත මුද්‍රිත අකුරු කියවීම ඔබෙන් ඈත්කරනු ඇත. ඒ වෙනුවට ඊට වඩා දියුණූ තාක්ෂණික ලෝකය සමඟ ගමන් කළ හැකි මාධ්‍යක් තෝරා ගත යුතුය. මන්ද යත් ඔබට තොරතුරු දැනගැනීම ජීවිතයේ දෛනික අවශ්‍යතාවක්වන හෙයිනි.
පුද්ගලයා නිරන්තරයෙන්ම තමන් , පරිසරය හා සහසම්බන්ධතා පවත්වන සත්වයෙකි. එසේ නම් ඔහු විෂ්වය පවතින තුරු තොරතුරු දැනගැනීමට ඇති ඇබ්බැහැවීම අත්නොහරින්නේය. එවැන්නන් වෙනුවෙන් ඒ අවශ්‍යතාවය සැපයීමට මාධ්‍යකරුවන් ,තොරතුරු සම්පාදකයින් මෙන්ම නිර්මාණකරුවන් සැදීපැහැදී සිටින්නේය. මේ ඔබ අනාගතයේ දකින සයිබර් අවකාශයේ විද්‍යුත් පුවරු මත සටහන් තබන පුවත්පතයි. දිනපතා පරිශීලනය කර නිර්මාණාත්මක ලෙසින් ඉදිරිපත් කරන තොරතුරු ඔබේ දැනුමට එක්කර ගන්න. ..
උපුටා ගැනීම :
http://www.wcenews.lk
No comments:
Post a Comment