නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය

නව මාධ්‍යය උපත ලැබූ වගයි...



ලොව සිදුවූ තාක්ෂණික විපර්යාස අතර නව මාධ්‍ය බිහිවීම තරම් සුවිශේෂී වූ වැදගත් සිදුවීමක් සොයා ගැනීම දුෂ්කරය වර්තමානයේ මිනිසාට සිය මූලික අවශ්‍යතා තරමටම නව මාධ්‍යය ජීවිතයට සමීප වී තිබේ නව මාධ්‍යය ලොව බිහිවීම දීර්ඝ ඉතිහාසයක ප්‍රතිඵලයකි.


 සියවස් ගණනාවක් තිස්සේ මිනිසා දැරූ උත්සහයක ප්‍රතිඵලයකි ජනමාධ්‍ය ලෝකයට නව මාධ්‍ය එක් වීම  තෙක් ආ ගමනේ දී පසු කළ යුගයන් හා එහි දී බිහි වූ මාධ්‍ය පහත ආකාරයට පෙළ ගැස්විය හැකිය.
තව දුරටත් කියවන්න >>>

නව මාධ්‍යයේ ස්වභාවය හා සුවිශේෂ ලක්ෂණ

සන්නිවේදනයේ සම්භවය පිළිබදව නිශ්චිතව සදහන් කළ නොහැකිය. ඓතිහාසික සොයා ගැනීම් වලට අනුව ප‍්‍රාග් ඓතිහාසික මානවයාගේ පටන්ම සන්නිවේදනය ලෝකයේ පැවතී ඇත. සන්නිවේදනය හා මිනිසා යනු එකිනෙකින් ව්‍යුක්ත කළ නොහැකි සංකල්පයන් වන බව ඒ අනුව පැහැදිළිය. ප‍්‍රාග් ඓතිහාසික මානවයා එකිනෙකා සමග අදහස් හුවමාරු කර ගැනීම සදහා ස්වභාවධර්මය ඇසුරේ සාම්ප‍්‍රදායික ක‍්‍රම යොදාගත්හ. සාමූහිකව ජීවත් වීමේදී පරිසරය ජය ගැනීමට නම් අන්තර්පුද්ගල සන්නිවේදනයේ අවශ්‍යතාව ප‍්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මිනිසාට පැවතුණි. මානව පරිණාමයේ කවර යුගයක වුවද සන්නිවේදනය මිනිසාට අත්‍යාවශ්‍ය මෙවලමක් විය.

මීට වසර දහස් ගණනකට පෙර සිටම මිනිසාට සන්නිවේදනයේ වැදගත්කම හදුනාගත හැකිවිය. එය මේ වන විට ඔප්පු වී ඇති වාර්තාගත සාක්ෂි මගින් එය තහවුරු වේ. මානව පරිණාමයත් සමග මිනිසා ජෛව විද්‍යාත්මකව වෙනස්වීමෙන් ස්වකීය ශක්‍යතා වර්ධනය වීමත් සමග සන්නිවේදන අවශ්‍යතාද සංකීර්ණ විය. එයට ගැලපෙන ලෙසට සන්නිවේදන ක‍්‍රමවේදයන්ද විකාශනයට ලක්විය.

සාම්ප‍්‍රදායික මාධ්‍ය භාවිතා කළ මානවයා ස්වකීය වෙනස්වන අවශ්‍යතා වලට ගැලපෙන ලෙස ස්වභාව ධර්මය වෙනස්කර ගැනීමෙහි ප‍්‍රතිඵලයක් ලෙසට ජන මාධ්‍ය බිහිවිය. ස්වභාවයෙන්ම සමාජයීය සත්ත්වයෙක් වන මිනිසාගේ සාමූහික සන්නිවේදන අවශ්‍යතා සංහතික මාධ්‍ය වන පැරණි මාධ්‍යයන්ගෙන් ඉටු විය.

මානව වර්ගයාගේ සමාජ පරිණාමයේ නිෂ්චිත යුගයක් නියෝජනය කරමින්  තව දුරටත් කියවන්න >>>

සයිබර් අවකාශයේ විද්‍යුත් පුවත්පත

තොරතුරු පිපාසයෙන් පෙළෙන අපේ පාඨකයින් නිතරම අලුත් තොරතුරු විවිධාකාරයෙන් දැන ගැනීමට උත්සාහ කරයි. මේ කාරණාව නිසාම මාධ්‍ය අතර නිරන්තර තරඟයක් ඇති වී ඇත්තේ තමන් ප්‍රමුඛයා වීමටයි. අපි තමයි ප්‍රථමයෙන් මේ පුවත වාර්තා කළේ, විකාශනය කළේ , එසේ නැත්නම් ප්‍රචාරය කළේ, යනුවෙන් ශ්‍රී ලංකාවේ පමණක් නොවේ ලෝව පුරා මාධ්‍ය අතර ද නිරන්තරයෙන් මේ කාරණය අසන්නට ලැබේ. කරුණු එසේ වුවත් මාධ්‍ය යනු නිර්මාණශීලි කලාවක්ය. තවත් පැත්තකින් ගතහොත් එය සමස්ථ කලාව තුළ ප්‍රබල පැතිකඩක්ය. මාධ්‍ය තුළ හැසිරෙන පුද්ගලයාන් සැබවින් නිමාණකරුවන්ය. ඔවුන් මනුෂ්‍යත්වය සහ ස්භාවිකත්වය පදනම් කරගත් අවබෝධයෙන් යුතු නිරන්තර දැක්මක් සහිත පුද්ගලයින්ය. එබැවින් බහුතර සමාජය ඔවුන්ගේ හැසිරීම් කියුම්කෙරුම් කෙරෙහි විශ්වාස තබයි.


වර්තමානයේ මුද්‍රිත මාධ්‍ය අභිබවා ඉදිරියට පැමිණෙමින් සිටින්නේ අන්තර්ජාලයයි. අන්තර්ජාලය තුළ කිසිවකුගේ බැදීමකින් තොරව නිදහසේ මාධ්‍යකරණයේ යෙදිය හැකිවීම සුවිශේෂිත්වයක් ගනී. පුවත්පත හිමිකාරීත්වය හෝ පක්ෂග්‍රාහී ලෙස මාධ්‍ය හසුරුවන බලවතුන්ට අනාගතයේ ඔවුන්ගේ අවි නිෂ්ක්‍රීය කර ගැනීමට සිදුවනු ඇත. අන්තර්ජාලය තුළ මාධ්‍ය ප්‍රබලත්වය කණ්ඩායමක් ලෙස නොව තනි පුද්ගලයකු ලෙසින් ද නිර්මාණකරුවෙකුට ඒකාධීකාරී බලයක් ඇතිකර ගත හැකිය.එය අනාගතයේ කවරාකාරයෙන් මානව සමාජයට බලපානු ඇති ද යන්න තවම නිෂ්චිතව සදහන් කළ නොහැක.


එසේ වුවත් මෑත අනාගතයේ දී මුද්‍රිත මාධ්‍ය අන්තර්ජාල වෙබ් මාධ්‍යයකට පරාජය වීම නම් නියතයි.පුවත්පත යල් පැනගිය මාධ්‍යයක් වීම තුළ එහි අන්තර්ගතය යම් ආකාරයේ වෙනස්කම් සහිතව සයිබර් අවකාශයෙන් එළි දකින්නේ අනාගත ලෝකයට ගැලපෙන අයුරින්ය. කඩදාසි වෙනුවට විද්‍යුත් පුවරු සටහන් , අනාගතයේදී කඩදාසි මත මුද්‍රිත අකුරු කියවීම ඔබෙන් ඈත්කරනු ඇත. ඒ වෙනුවට ඊට වඩා දියුණූ තාක්ෂණික ලෝකය සමඟ ගමන් කළ හැකි මාධ්‍යක් තෝරා ගත යුතුය. මන්ද යත් ඔබට තොරතුරු දැනගැනීම ජීවිතයේ දෛනික අවශ්‍යතාවක්වන හෙයිනි.
තව දුරටත් කියවන්න >>>

පුරවැසි මාධ්‍යයක් ලෙස බ්ලොග් අඩවි 



නූතන ලෝකයේ ඒකාධිකාරි පුවත් ගලනයට එරෙහිව පැනනැගුණ වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුවත් නැමියාවක් ලෙස පුරවැසි මාධ්‍යවේදය නූතන සන්නිවේදන අවකාශය තුළ ශීඝ‍්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරයි. වර්තමානයේ දී බ්ලොග් අඩවි (වියනු) තොරතුරු වාහකයක් ලෙස පෘථුල කාර්යභාරයක් ඉටුකරන මාධ්‍ය ප‍්‍රවණතාවකි. ශ‍්‍රී ලාංකේය පුරවැසියන් බ්ලොග් අවකාශයට (Blogsphere) පිවිසීම ශ‍්‍රී ලාංකේය පුරවැසි මාධ්‍යවේදයේ නූතන භාවිතාව වේ.

    බොහෝ අවස්ථාවන්හිදී වෘත්තිය ජනමාධ්‍යවේදීන් නොවන සාමාන්‍ය මිනිසුන් විසින් පළකරනු ලබන ප‍්‍රවෘත්ති විසින් ප‍්‍රසිද්ධ කරන ප‍්‍රවෘත්ති මෙලෙස බ්ලොග් අවකාශයෙහි චායාරූප සහ වීඩියෝ ආශ‍්‍රයෙන් පළකිරීම සිදු වේ. පුරවැසි මාධ්‍යකරණයේ නියුතු වාර්තාකරුවෙකු බ්ලොග් අඩවි භාවිත කර කිසියම් සිදුවීමක් පිළිබඳව ඉගියක් ලබාදීම හෝ වෙනත් දෘෂ්ටිකෝණයකින් එය වාර්තා කිරීම හරහා ජනතාව අතර ප‍්‍රචලිත මාධ්‍යයක් බවට පත්විය.තව දුරටත් කියවන්න >>>

මාධ්‍ය ඒකාධිකාරය හා සමාජ මාධ්‍ය භාවිතය


මිනිසාගේ ආරම්භයත් සමඟ පැවත එන සන්නිවේදන අවශ්‍යතාවය මානවයාගේ පරිණාමය සමග ම යාවත්කාලීන වී පරිණත දියුණු විද්‍යාත්මක පසුබිමක් සහිත මොහොතින් මොහොත වෙනස් වීමට භාජනය වන විෂය පථයක් බවට පත් වී ඇත.  එය කොතෙක් දුරට සංවර්ධනය වී ඇත් ද යත් මේ වන විට සන්නිවේදන ක්‍රියාවලි ජ්‍යාත්‍යන්තර වශයෙන් පිළිගත් විෂය ධාරාවක් බවට ද පත් වී ඇත.

මේ තත්ත්වයක දී මූලික වශයෙන් සම්ප්‍රදානුකූල සන්නිවේදන ක්‍රියාවලියේ විද්‍යුත් ප්‍රවිශ්ඨයන් වූ ගුවන් විදුලිය හා රූපවාහිනිය ප්‍රවර්තකයන් ලෙස කටයුතු කළ ද සහශ්‍රයේ දී සංවර්ධන වූ සමාජ මාධ්‍ය අද මේ වන වට සමාජයීය / දේශපාලනික / ආර්ථික  සංස්කෘතික වශයෙන් පෙරළිකාර මාධ්‍ය විධික්‍රමයක් ලෙස ස්ථාපනය වී ඇත.

කුඩා විද්‍යුත් ඉලෙක්ට්‍රොනික උපකරණයක් භාවිතයෙන් ලොවක් ආමන්ත්‍රණය කීරීමේ විශ්වීය ගුණාංගය හේතුවෙන් මේ තත්ත්වය සීඝ්‍රයෙන් ප්‍රචලිත හා ජනප්‍රිය වී ඇත.

ගෝලීයකරණයට ලක්වූ සමාජ වපසරියක මූලාරම්භය සඳහා සමාජ්‍ය මාධ්‍යයේ දායකත්වය සුළුපටු නොවේ.

කිසියම් රාජ්‍යයක දේශපාලනික හා ආර්ථික ප්‍රතිපත්තීන් හි සමාජ පැතිකඩ විවරණය කිරීමේ හා විවේචනය කිරීමේ හැකියාව මත රජ්‍යයන් හි දේශපාලනික ගතිකයන්ට මඟ පාදන ඉලෙක්ට්‍රොනික සාධක අතර, වඩාත් සාධණීය කාරණාවක් බවට මෙම සමාජ මාධ්‍ය පත්වී තිබේ.

අවමයෙන් ද්විපාර්ශ්වික හෝ ඊට වඩා පාර්ශ්වීය දායකත්වයක් සහිත බැවින් මේ සදහා පවතින ඉල්ලුම ඉතා ඉහළ මට්ටමක පවතී.  ග්‍රාහකයාගේ විචාරශීලී නිගමනයන් සඳහා ඇති ඉඩකඩ නිසාවෙන් මෙම තත්ත්වය සමාජ ස්ථරයේ සරළ සාමාන්‍ය භාවිතයක් බවට පත් වී ඇත.

අධිතාක්ෂණික මෙවලම් භාවිතයෙන් ක්‍රියාත්මක වීම මත ග්‍රාහකයාගේ තොරතුරු උපයෝගීතාවය වඩාත් වේගයෙන් හා ඔහුගේ අවශ්‍යතාවයට අනුකූල ලෙස සැපයීමේ විශේෂ හැකියාවක් මත මෙම සමාජ මාධ්‍ය වාඩා ඉදිරියෙන් පවතින අතර, ඒ හේතුවෙන් සාම්ප්‍රදායික ඒක පාර්ශ්වීය මාධ්‍ය රටාව ක්‍රමයෙන් ග්‍රාහක සමාජය බැහැර කිරීමට ලක් වී ඇත.

කාලය හා අවකාශය මත සියල්ල තීරණය වන අධි තාක්ෂණික යුගයක මෙම තත්ත්වය බහුල වශයෙන් ව්‍යාප්ත වුව ද මෙම හේතුවෙන් සමාජයේ අචාර ධර්ම සහ පෞද්ගලික නිදහස සංස්කෘතීමය රාමුව බිඳවැටී ඇති අතර, මෙම සමාජ මාධ්‍ය වනාහි සහශ්‍රයේ මිනිසාගේ හිස පැළදි කටු ඔටුන්නක් මෙන් ම දැලි පිහියෙන් කිරි කෑමේ ක්‍රියාව මෙන් අවදානම් සහිත බව ද අමතක නොකළ යුතුව ඇත.

උපුටා ගැනීම :
ඩී.පි. මහේෂ් නිශ්ශංක

No comments: