මානව පරිණාමීය ක‍්‍රියාවලියේ සිට ම සන්නිවේදනය සඳහා උපස්ථම්භක වූ ප‍්‍රධානතම මාධ්‍යය වූයේ භාෂාවයි. එම භාෂාව වාචික මෙන්ම අවාචික සන්නිවේදන ක‍්‍රමයන්ගෙන් සංගෘහිත විය. එහිදී පුද්ගලාන්තර සම්බන්ධතා ගොඩනගාගැනීම, වර්ධනය කිරීම සහ පවත්වාගෙන යාම සඳහා භාෂාව ප‍්‍රබල කාර්යයක් ඉටු කරයි. ප‍්‍රාථමික සන්නිවේදන ක‍්‍රම ආශ‍්‍රයෙන් සිදුකළ සන්නිවේදනයේ සිට නවමාධ්‍ය, සමාජ මාධ්‍ය ඔස්සේ සන්නිවේදනය කිරීමේ තෙක් පැමිණි ඓතිහාසික සන්නිවේදන පරිණාමීය ක‍්‍රියාවලියේ දී ‘භාෂාව’ ගතික ප‍්‍රපංචයක් විය.මාධ්‍යකෘත පරිසරය තුළ භූගෝලීය සීමා අතික‍්‍රමණය කරමින් භාෂාව ප‍්‍රබල වෙනස්කම්වලට ලක්වෙමින් පවතී. අන්තර්ජාල මූලික සන්නිවේදන ක‍්‍රියාවලිය සඳහා එයට ම අනන්‍ය වූ උප භාෂා නිර්මාණය වෙමින් තිබේ. එහිදී සාම්ප‍්‍රදායික සන්නිවේදන ක‍්‍රියාවලියේ පැවති සීමා මායිම් අබිබවමින් නව්‍ය භාෂාත්මක සන්නිවේදන අත්දැකීමක් අන්තර්ජාල පරිශීලකයන්ට සමීප කරවයි. තව දුරටත් කියවන්න >>>
